රාජපක්ෂ කෙනෙකු ඌව පළාත් සභා මැතිවරණයෙන් පන්නා දමා රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යැවීමේ ජයග්‍රාහී ගමන ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
ඊයේ (03දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී මේ බව සඳහන් කළ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ආණ්ඩුවට ඌව පළාත් සභා මැතිවරණයේදී බදුල්ල දිස්ත්‍රික්කයෙන් දැඩි පරාජයක් අත්වන බවත්, මේ නිසා ඌව පළාත් සභා මන්ත්රීධුරවල වෙනසක් සිදුකර මොරණාගල දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීධුර වැඩි ප්‍රමාණයක් ඇති කිරීමට උත්සාහ ගන්නා බවට වාර්තා වන බවත්ය.
බදුල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධුර 21 ක් සහ බෝනස් මන්ත්‍රීධුරයත් සමග මන්ත්‍රීධුර 22 ක් තිබෙන බවත්, එහෙත් බදුල්ල දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීධුර 03 ක් අඩුකර දැනට මන්ත්‍රීධුර 11 ක් සහ බෝනස් මන්ත්‍රීධුරයක් තිබෙන මොනරාගල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධුර ප්‍රමාණය 15ක් කිරීමේ උත්සාහයක නිතර වන බවද ඔහු සඳහන් කළේය.
මේ අනුව මන්ත්‍රීධුර 22 ක් හිමි බදුල්ල දිස්ත්‍රික්කයට මන්ත්‍රීධුර 19කුත් මන්ත්‍රීධුර 12 ක් හිමි මොනරාගල දිස්ත්‍රික්කයට මන්ත්‍රීධුර 15ක් බවට පත්වෙන බවත්, ජන අනුපාතය ගතහොත් බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් 609000 කුත් මොනරාගල දිස්ත්‍රික්කයේ 3,3000 කුත් වශයෙන් බෙදී යන බවද හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේය.
ඉන්දික හේවාවිතාරණ/පාලිත ආරියවංශ