එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි ඌව පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු හය දෙනෙක් ආණ්ඩු පක්ෂයට එක්වීමට සූදානම් වීමත් සමග පළාත් සභාවේ බලය පෙරළෙන ලකුණු පහළවී තිබේ.
එම පළාත් සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් (එජාප) අද සභාවට නොපැමිණියේය. පසුගිය වියදම් පියවා ගැනීමට සඳහා මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් පරිපූරක ඇස්තමේන්තු දෙකක් ඉදිරිපත් කරන ලදී. එයට ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා එරෙහිවුවත් විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ නොපැමිණීම නිසා පරිපූරක ඇස්තමේන්තු දෙක සම්මත විය.