බදුල්ල දෙමළ බාළිකා විදුහලේ විදුහල්පතිනියව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා දණ ගැස්සවීමේ සිද්ධියට අදාළව විරෝධය දක්වමින් දෙමළ බාළිකා විදුහලේ සේවකයන් හා දෙමාපියන් එක්ව විරෝධතාවක් පැවත්වමින් සිටියි.
විරෝධතාකරුවන් පවසන්නේ ඌව ප්‍රධාන ඇමති හා අධ්‍යාපන ලේකම්වරිය අත්අඩංගුවට ගන්නා ලෙසයි. මේ වන විට ඌව පළාත් සභාවේ ආරක්ෂාව වෙනුවෙන් කැරළි මර්දන ඒකකය කැඳවා ඇත.