ඌව පළාත් සභා මැතිවරණය ආණ්ඩුවට රතු එළියක් නොව කොළ එළියක් බවත්, ඉන් ආණ්ඩුවේ ගමනට ශක්තියක් ලැබී ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පැවසීය.
රතු එළියක් වන්නේ ඌව පළාත් සභාව සන්ධාන ආණ්ඩුව පරාජය කළා නම් පමණක් බවත්, මෙවර මැතිවරණයෙන් එජාපයට ප්‍රබල කණේ පහරක් එල්ල කර ඇති බවත් අද (22දා) බත්තරමුල්ලේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා කියා සිටියේය.