ඌව පළාත් සභාවේ මාසික රැස්වීම ඝන පූර්ණය නොමැතිවීම නිසා ලබන 21 දින දක්වා කල්තැබීමට සභාපති ඒ. එම් බුද්ධදාස මහතා අද (10දා) පියවර ගත්තේය.
පෙරවරු 9.30ට ආරම්භ කළ යුතු සභාව ආරම්භ කරන විට පෙරවරු 10.20 පමණ විය. එහිදී සීනුව තුන්වරක් නාද කිරීමෙන් පසු සභාගර්භයට පැමිණි සභාපතිවරයා සභාව ආරම්භ කිරීමට සූදානම් වූ අවස්ථාවේ සභාවේ ඝන පූර්ණය සම්පූර්ණ වී නැති බව සමන්ත විද්‍යාරත්න මහතා පෙන්වා දුන්නේය.
එනිසා සභාව පැය බාගයකට කල්තබන බවට දැනුම් දුන් සභාපතිවරයා නැවත පෙ.ව 11 20 ට සභාව ආරම්භ කළ නමුත් එවිටද ඝන පූර්ණය සම්පූරණ නොවීම නිසා එය ලබන (21 දා) දක්වා කල් තබන බව සභාපතිවරයා දැනුම් දුන්නේය.
බදුල්ලේ පාලිත ආරියවංශ / ඇල්ල ප්‍රසාද් රුක්මල්