06 වැනි ඌව පළාත් සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා පත්කිරීම අද (09දා) පළාත් සභා රැස්වීම් ශාලාවේදී ඌව පළාත් සභා ලේකම් හෙලන් සමරසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එහිදී සභාපති ධුරයට ඌව පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙකු වන ඒ.එම්. බුද්ධදාස මහතාත්, නියෝජ්‍ය සභාපතිවරයා ලෙස හිටපු නි. සභාපති නලීන් සුමේධ සිල්වා මහතාත් වැඩි ඡන්ද 06 කින් තේරී පත්වූහ.
මෙහිදී ජ.වි.පෙ. මන්ත්‍රීවරු දෙදෙනා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ.
මොනරාගල සුමනසිරි කුලතුංග