ඌව පළාතේ බදුල්ල ,මොණරාගල දිස්ත්‍රික්ක දෙකෙහි අනවසර පක්ෂ කාර්යාල හා නීති විරෝදී දැන්වීම් පුවරැ, කටවුට්,පෝස්ටර් ආදිය ඉවත් කිරීම සදහා පොලිස් නිළධාරීන්ගේ සහයට මැතිවරණ දෙපාර්තමේන්තුවේ පැමිණිලි විමර්ෂණ කාර්යංශයට අනියුක්ත නිළධාරීන් සේවයේ යොදවා ඇති බව මැතිවරණ දෙපාර්තමේන්තුව පවසයි.
මෙම නිළධාරීන්හට අවශ්‍ය සහයෝගය ලබාදෙන මෙන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.