එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ඌව පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්වීමට අවස්ථා ගණනාවකදීම ඉල්ලීම් කර තිබෙන නිසා ඌව පළාතේ එක්සත් ජාතික පක්ෂ මහ ඇමති අපේක්ෂකත්වය ඒ මහතාට ලබාදීමට බොහෝදුරට ඉඩ ඇතැයි වාර්තාවේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉවත්වී පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් පළාත් සභාවට තරග කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයෙන් සහ පක්ෂයෙන් අවස්ථා ගණනාවකදී හරීන් ප්‍රනාන්දු මහතා ඉල්ලීම් කර තිබෙන නිසා පක්ෂයේ පූර්ණ සහය ඒ මහතාට ලබාදී මහ ඇමති අපේක්ෂක ධුරය ලබාදීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ කැමැත්ත පළ වී ඇති බව වාර්තාවේ.