ඌව පළාත් ඡන්ද විමසීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවත්, බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාවල සිට ඡන්ද මධ්‍යස්ථාන 834ක් වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය අද (19දා) පෙ.ව.7.00 ට ආරම්භ කළ බවත් මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.
ඒ අනුව, මෙම ඡන්ද පෙට්ටි සමග මැතිවරණ නිලධාරීන්ද අදාළ ඡන්ද මධ්‍යස්ථාන කරා යොමු කෙරන බවත්, ඡන්ද විමසීම සම්බන්ධයෙන් මූලික පෙරහුරුවක් අද සවස පැවැත්වෙන බවත් එම කාර්යාලය වැඩිදුරටත් පවසා සිටියි.
හෙට (20දා) පැවැත්වීමට නියමිත ඌව පළාත් ඡන්ද විමසීම සඳහා මොණරාගල සහ බදුල්ල දිස්ති‍්‍රක්කයෙන් ඡන්දදායකයන් 942,730ක් සුදුසුකම් ලබා ඇති අතර, ඡන්ද රාජකාරි කටයුතු සඳහා රාජ්‍ය සේවකයන් 12,500ක් යොදවා තිබේ.
එමෙන්ම මැතිවරණයේ ආරක්ෂාව වෙනුවෙන් 12,500ක පොලිස් බල ඇණියක් යොදාවා ඇති අතර, ඊට පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළු 1,000ක් මෙන්ම බුද්ධි අංශ නිලධාරීන්ද ඇතුළත් බව කියැවෙයි.