ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේ මහතාගේ නවතම සිනමා පටය වන උසාවිය නිහඩයි චිත්‍රපටය තිරගත වීම තාවකාලිකව වළක්වමින් කොළඹ දිසා විනිසුරු අධිකරණයෙන් අතුරු තහනම නියෝගයක් නිකුත් කළේය.
ඒ එම චිත්රපයට එරෙහිව ගොනු කර තිබූ පෙත්සමක් සළකා බලමිනි. අද (05දා) අතුරු තහනම් නියෝගය නිකුත් කළ අතර එය එළැඹෙන 19 දා දක්වා ප්‍රදර්ශනය වීම වළක්වමින් මෙම තහනම නිකුත් කළේය.
එම චිත්රපයට හෙට (06දා) සිට දිවයින පුරා ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබුණි. මේ පිළිබඳව ඊයේ (04දා) පාර්ලිමේන්තුවට අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසුවේ එහි ප්‍රධාන චරිතය රාවය හිටපු කර්තෘ වික්ටර් අයිවන් මහතා විසින් රඟ දක්වන බවයි.