හුංගම, උස්සන්ගොඩ වෙරළ තීරයේ දිය නාමින් සිටි පිරිසකගෙන් සිවුදෙනෙකු මුහුදට ගසාගෙන ගොස් ඇත. මෙයින් තිදෙනෙකුගේ දිවි බේරාගෙන ඇති අතර, එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අවුරුදු 27ක් වූ ප්රසන්න විජේනායක නම් රත්නපුර පදිංචි පුද්ගලයෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත. ඊයේ (05දා) සවස අනතුර සිදුව තිබේ.