උස්බකිස්තානයේ අන්තර්කාල ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය ෂෙවුකාත් මිර්සියෝයේව් එරට පාර්ලිමේන්තුව විසින් පත්කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
59 හැවිරිදි වියේ පසුවන මිර්සියෝයේව් අන්තර්කාල ජනාධිපති පදවියට පත්වීමත් සමග පසුගියදා අභාවප්‍රාප්ත වූ ඉස්ලාම් කරිමේව්ගෙන් පසුව එරට බලය අත්පත් කරගත යුතු වඩාත් බලගතුම පුද්ගලයා හිටපු අගමැතිවරයා බවට වූ ඉඟිය සනාථ වී තිබේ.
කෙසේ වෙතත්, උස්බකිස්තාන ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයෙකුගේ හදිසි අභාවයකදී එරට සෙනට් මණ්ඩල නායක නිග්මටිල්ලා යුල්දාෂේව් වෙත අන්තර්කාල ජනපති පදවිය උරුම වුවත්, ඔහු එය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.
මේ ආකාරයෙන් අන්තර්කාල ජනාධිපති පදවියට මිර්සියෝයේව් පත්කළ උස්බකිස්තාන පාර්ලිමේන්තුව තවත් මාස තුනකින් ජනාධිපති මැතිවරණයක් පැවැත්වීමට එකඟත්වය පළ කර ඇත.
2003 වසරේ සිට උස්බකිස්තානයේ අගමැති ධුරය හෙබවූ මිර්සියෝයේව් පසුගිය සතියේදී රුසියානු නායක ව්ලැදිමීර් පූටින් හමුවී සාකච්ඡා පවත්වා ඇති බවද විදෙස් වාර්තා පවසයි.