අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සඳහා අනිද්දා (13දා) දින සිට මෙම මස (26දා) දක්වා පාසල් 07ක් වසා තැබෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙසේ වසා තැබෙන පාසල්වල අධ්‍යයන කටයුතු මෙම මස 27දා ආරම්භ කරන බවද විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කළේය. මේ පාසල්වලට අමතරව තවත් පාසල් 20ක කොටසක් වසා තැබෙන බවත්, එහෙත් එම පාසල්වල අධ්‍යයන කටයුතු සිදුකරන බවද හෙතෙම පවසා සිටියේය.
මේ අනුව කොළඹ සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර විද්‍යාලය, කොළඹ 10 ආනන්ද විද්‍යාලය, කළුතර ගුරුළුගෝමි මහා විද්‍යාලය, කුරුණෑගල ලක්දාස් ද මැල් විද්‍යාලය, ගාල්ල සුධර්මා විද්‍යාලය, මාතර ශාන්ත සර්වේසස් විද්‍යාලය, බණ්ඩාරවෙල සීවලී නවෝද්‍යා මහ විද්‍යාලය මෙම කාලය තුළ වසා තබන පාසල් වෙයි.