අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ පළමු අදියරේ උත්තර පත්‍ර පරීක්ෂාව අද (11දා) අවසන් වී තිබේ. පසුගිය 29 වන දින සිට අද දිනය දක්වා පළමු අදියරේ උත්තර පත්‍ර පරීක්ෂාව සිදු කරනු ලැබිණි. දෙවන අදියරේ උත්තර පත්‍ර පරීක්ෂාව පසුගිය 05වන දින සිටමෙම මස 18 වන දින දක්වා පැවැත්වේ.
තුන්වන අදියරේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම මේ මස 19 වන දින සිට ඔක්තෝබර් 09 වන දින දක්වා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත. පළමු අදියරේ ඇගයීම් කටයුතු මධ්‍යස්ථාන 31 කදී ඇගයීම් මණ්ඩල 382ක් යටතේ ගුරුවරුන් 6876 කගේ සහභාගීත්වයෙන් සිදුවිය. එම කාලය තුළදී පාසල් 06ක් සම්පූර්ණයෙන් වසා තැබූ අතර පාසල් 21ක කොටසක් වශයෙන් වසා තැබීමද සිදුවිය.