උසස් පෙළ විභාගය අවසන් වීමෙන් පසු කලහකාරී ලෙස හැසිරෙන සියලුම ශිෂ්‍යයන්ගේ සියලුම විෂයන්වල විභාග ප්‍රතිඵල අත්හිටුවීමට කටයුතු කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මීට අමතරව මේ ආකාරයට හැසිරෙන ශිෂ්‍යයන්ට නීති මගින් කටයුතු කරන ලෙසට සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ගෙන් ඉල්ලීමක් කළ බවද විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට (04දා) සවස අවසන් වේ.