අ.පො.ස. උසස් පෙළ හැදැරීම සඳහා අ.පො.ස. සාමාන්‍ය පෙළ ගණිතය විෂයය සමත් වීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් පවතින චක්‍රලේඛ වෙනස් කිරීමකින් තොරව එලෙසම පවතින බවත්, ඒ අනුව අ.පො.ස. සාමාන්‍ය පෙළ ගණිතය අසමත් සිසුන්ට උසස් පෙළ පන්තියට ඇතුළත් වීමේ අවස්ථාව බොහෝ පාසල්වල අහිමිව ඇති බවට ඇතැම් පාර්ශ්ව විසින් සිදු කරන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නොමැති බවත් අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ සෑම පාසල් සිසුවෙකුටම පළමු ශ්‍රේණියේ සිට අඛණ්ඩ පාසල් අධ්‍යාපනයක් ලබාදීම අරමුණු කර ගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නව වෘත්තීය විෂයයන් 26ක් ඇතුළත් විෂය ධාරාවක් අ.පො.ස. උසස් පෙළ සඳහා හඳුන්වා දී ඇති අතර, එය මේ වන විට නියාමක වැඩසටහනක් ලෙස තෝරාගත් පාසල් 192ක ක්‍රියාත්මක කරන බවයි.
ඒ අනුව මේ සම්බන්ධයෙන් අදාළ සියලුම විදුහල්පතිවරුන් දැනුවත් කර ඇති බව අවධාරණය කරන අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශයේ නිසි බලධාරියෙකුගේ විමසීමකින් තොරව සිදු කරනු ලබන එවැනි අසත්‍ය ප්‍රචාර මගින් ජනතාව නොමග යැවීමක් සිදු වෙනවා සේම ඔවුන් බරපතළ අපහසුතාවට පත්වන බවද පෙන්වා දෙයි.