දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ඇති සමාජ ආරක්ෂක අරමුදල හරහා දිවයින පුරා විසිර සිටින උසස් පෙළ හදාරන සිසුන් 10,000කට 'සිප්දොර' ශිෂ්‍යත්ව පිරිනැමීමේ සමාරම්භක උත්සවය අද (23දා) උදෑසන කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණි.
ඒ සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.ඒ අනුව අදාළ සිසුන්ට මසකට රුපියල් 1,500 බැගින් වසර 2ක කාලයක් මෙම ශිෂ්‍යත්ව මුදල් ලැබෙනු ඇත.
මේ අතර දිවයින පුරා සිටින වයෝවෘද්ධ පුද්ගලයන්ගේ ගමන් පහසුකම් සැලසීම සඳහා බස් රථ 09ක් පළාත් 09 සඳහා බෙදාදීමද මෙහිදී අමාත්‍යවරයා අතින් සිදුකෙරිණි.
මේ අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගිවීමට සිටියද අසනීප තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා ඊට සහභාගි නොවූ අතර, එතුමා විසින් එවන ලද සුභාශීංසන පණිවිඩයක් දිසානායක අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කර සිටියේය.
සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධක නියෝජය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාද උත්සව අවස්ථාවට සහභාගි නොවූ අතර, දිසානායක අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ රූපවාහිනී නාළිකාවක නැටුම් තරගයක් සඳහා රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා පුහුණු වෙමින් සිටින බවත්, රූපවාහිනී තිරයෙන් ඔහුව දැක බලා ගැනීමට සිසුන්ට හැකියාව ඇති බවත්ය.
ඡායාරූප ශමීර රාජපක්ෂ