උසස් පෙළ මාධ්‍ය විෂය නිර්දේශයට විරෝධය පා උද්ඝෝෂණයක්
උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය නව විෂය නිර්දේශයට විරෝධය පෑ උද්ඝෝෂණයක් අද (25) වන දින උදය වරුවේ ජාතික අධ්‍යාපන ආයතනය ඉදිරිපිට දී පවත්වනු ලැබිණි. ලංකා ගුරු සංගමයේ මෙහෙයවීමෙන් පැවැත්වූ මෙම උද්ඝෝෂණයට මාධ්‍ය ගුරු පිරිසක් සහභාගි වූහ. ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ජයන්ති ගුණසේකරගේ නියෝගය පරිදි උද්ඝෝෂණකරැවන්ට හා මාධ්‍යවේදීන්ට ජාතික අධ්‍යාපන ආයතනයට ඇතුළු වීමට නොහැකි වන සේ ප්‍රධාන දොරටුව වසා දැමීම නිසා මහත් කලබලයක් ඇති විය. මහරගම පොලිසියේ නිලධාරීන්ද මෙම කලබලය පාලනය කිරීමට එතැනට කැඳවා තිබිණි.
පසුව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් සමග මාධ්‍ය ගුරුවරුන් තිදෙනෙකුට ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ජයන්ති ගුණසේකර සමග සාකච්ඡාවක් පැවැත්වීමට අවස්ථාව ලැබිණි.
සාකච්ඡාවෙන් පසු ජෝශප් ස්ටාලින් මහතා මාධ්‍යයට පැවසුවේ මහාචාර්ය ආරියරත්න ඇතුගල, මහාචාර්ය සමන්ත හේරත් හා ආචාර්ය එඩ්වින් ආරියදාස යන තිදෙනා ඔවුන්ගේ අභිමතය පරිදි සකස් කර ඇති අභිනව විෂය නිර්දේශයට විරෝධය පා ගුරුවරුන් විසින් ලිපි ඉදිරිපත් කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් කිසිදු සැලකිල්ලක් නොදක්වා ජාතික අධ්‍යාපන ආයතනය අන්තනෝමතිකව කටයුතු කිරීමට එරෙහිව අද දින දැඩි විරෝධය දැක් වූ බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


