අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පළමු අදියරේ උත්තර පත්‍ර ඇගයීම හෙට (12දා) සිට 25 වැනිදා දක්වා පාසල් 23 ක පිහිටි උත්තර පත්‍ර ඇගයීම් මධ්‍යස්ථානවලදී සිදුකිරීමට නියමිතය.
මේසඳහා ගුරුවරුන් 7600 ක් සහභාගීවීමට නියමිත අතර උත්තර පත්‍ර ඇගයීම් කටයුතු සිදු කරන කාලය තුළ පාසල් 08 ක් සම්පූර්ණයෙන් වසා තැබෙන අතර, පාසල් 15 ක කොටසක් වසා තබන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. තුන් ලක්ෂ නවදහස් හැට නවදෙනෙක් මෙවර විභාගයට පෙනී සිටියහ.