මෙම වසරේ අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගය ලබන අගෝස්තු මස 05 වැනි දින ආරම්භ වී, අගෝස්තු 29 වැනි දින අවසන් කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පවසයි.
එමෙන්ම ලබන අගෝස්තු මස 17 වැනි දින 5 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමටද විභාග දෙපාර්තමේන්තුව මගින් සැලසුම්කර ඇත. 5 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා මෙවර අයදුම්කරුවන් 334,662 දෙදෙනෙකු පෙනී සිටීමට නියමිතව තිබේ.
මෙවර උසස් පෙළ විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 234,197 දෙනෙකු පෙනී සිටීමට නියමිත අතර, පෞද්ගලික අයදුම්කරුවන් 62,134 දෙනෙකුද එම විභාගය සඳහා පෙනී සිටීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
උසස් පෙළ විභාගයට අදාළ ප්‍රවේශ පත්‍ර ජුලි 10 වැනිදාට පෙර අයදුම්කරුවන් වෙත තැපැල් කර හැරීමට පියවර ගෙන ඇති බවද පැවසෙයි.