ආසියානු කලාපීය සංදර්භය තුළ උරුමයන් රැකගැනීමේ අඛණ්ඩතාවය පිළිබඳව ජාත්‍යන්තර සම්මන්ත්‍රණය දෙවන වරට 2014 වර්ෂයේ දෙසැම්බර් 08 දින සිට 13 දින දක්වා ලංකාවේදී පැවැත්වීමට නියමිතය. මෙහි පළමු දින සම්මන්ත්‍රණය කොළඹදී සහ අනෙකුත් සම්මන්ත්රණ හබරණදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.
මෙම සම්මන්ත්‍රණය පැවැත්වීම සඳහා අනුග්‍රහය දක්වන්නේ උරුමයන් සුරැකීම හා සංරක්ෂණය කිරීම පිළිබඳ අධ්‍යයනය කිරීමේ ජාත්‍යන්තර මධ්‍යස්ථානය ලෝකය මුළුල්ලේ ඇති විශ්වීය වටිනාකමක් ඇති පුරාවිද්‍යා ස්ථාන ලෝක උරුමයන් ලෙස නම් කිරීමට උපදේශන සේවාව සපයන ICCROM සංවිධානයයි. ICCROM සංවිධාන සමග ඒකාබද්ධව සංස්කෘතික උරුමය පරිපාලනය පිළිබඳ කොරියානු ආයතනය සහ ශ්‍රී ලංකාව පාර්ශවයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය මෙම සම්මන්ත්‍රණය සඳහා අනුග්‍රහය දක්වනු ලැබේ.
මෙම සම්මන්ත්‍රණයට රටවල් 13ක විද්වතුන් 21 දෙනෙකු සහ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යාඥයන්, උරුම කළමණාකරුවන් සහභාගී වේ.