හයිටි රාජ්‍යයට දැඩි බලපෑමක් කළ මැතිව් චණ්ඩ මාරුතය බහමාස් පසුකරමින් ඇමෙරිකාව නැගෙනහිර කලාපය දෙසට ඇදෙමින් පවතින බව විදෙස් වාර්තා පවසයි.
මෙම චණ්ඩ මාරුතය සමග පැමිණෙන දැඩි සුළං තත්ත්වය තවදුරටත් ශක්තිමත් වෙමින් පවතින බවද කාලගුණ අංශ පවසියි.
එමෙන්ම, මැතිව් චණ්ඩ මාරුතය දැනටමත් කැරීබියානු රාජ්‍යයන් තුනක පුද්ගල ජීවිත 28ක් බිලිගෙන ඇති අතර, ඉන් 23 දෙනෙකු හයිටි වැසියන් බවද විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, හයිටි රාජ්‍යයේ නිරිතදිග ප්‍රදේශයට වැඩි බලපෑමක් සිදුව තිබීම නිසා සන්නිවේදන කටයුතුද බොහෝ සෙයින් ඇණහිට ඇති අතර, මේ නිසා චණ්ඩ මාරුතයෙන් සිදුව ඇති හානිය පිළිබඳව මෙතෙක් පැහැදිලි නිගමනයකට පැමිණිය නොහැකි බවද වාර්තා වෙයි.
මේ අතර, ඇමෙරිකාව වෙත ඇතුළු වෙමින් පවතින චණ්ඩ මාරුතයෙන් බේරීම සඳහා ෆ්ලොරීඩා, ජෝර්ජියා සහ දකුණු කැරොලීනා යන ප්‍රාන්තවල මිලියන දෙකකට අධික ජනතාවට ඉවත්වන ලෙස කාලගුණ අංශ අනතුරු අඟවා තිබේ.
මීට පෙර 2012 වසරේදී ඇමෙරිකාවේ මෙම කලාපයට බලපෑ සැන්ඩි චණ්ඩ මාරුතයෙන්ද එරටට බලවත් හානියක් සිදුවිය.
මැතිව් චණ්ඩ මාරුතය සිකුරාදා උදෑසන ඇමෙරිකාවට ඇතුළු වනු ඇති බවත්, එම අවස්ථාවේදී එය සිවුවන ප්‍රමාණයේ ප්‍රබල සුළි කුණාටුවක් ලෙස රට තුළට ගමන් කරනු ඇති බවත් කාලගුණ අංශ වැඩිදුරටත් පවසයි.