උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘති උමං මාර්ගයේ කරදගොල්ලේදී දැනට සිදුවන ජල කාන්දුව ලබන ජනවාරි මැද භාගය වනවිට අවසන් කිරීමට හැකිවෙතැයි විශ්වාස කරන බව උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ අධ්යක්ෂ ආචාර්ය සුනිල් ද සිල්වා මහතා බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පැවසීය.
ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා, ඌව ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක හා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී අද (23දා) මෙම රැස්වීම පැවැත්විණ.
මෙහිදී උමාඔය ව්‍යාපෘතියේ උමගේ ජලකාන්දුව පිළිබඳව ප්‍රගතිය ඉදිරිපත් කරමින් සුනිල් ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේ, පසුගිය දවස්වල තත්පරයට ලීටර් 400 ක්වූ ජල කාන්දුව විටින් විටි ලීටර් 500 සහ 600 දක්වා ඉහළ පහළ යමින් තිබෙන බවයි.
කෙසේ නමුත් මේ බාධක මැද උමංමගේ කටයුතු නතරවී තිබූ ස්ථානයේ සිටි තවත් මීටර් 300 ක් ඉදිරියට ගොස් ඇති බවත්, විදේශීය ඉංජිනේරුවන් ලබාදුන් තාක්ෂණ ක්‍රමවේද අනුව මෙම කටයුතු සිදුකරණ බවද අධ්යක්ෂවරයා සඳහන් කළේය.
බදුල්ල - පාලිත ආරියවංශ/ඇල්ල - ප්‍රසාද් රුක්මල්