උමා ඔය ව්‍යාපෘතිය නිසා සිඳී ගිය ළිං 200 ක් ජලයෙන් පිරී ඉතිරී ගොස් තිබෙන බවට අමාත්‍ය මහින්ද අමරවීර මහතා සිදුකරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය නිසා අවතැන්වූ ජනතා එකමුතුව සඳහන් කරයි.
අදාළ ප්‍ර‘දේශවල ජනතාව තවමත් බීමට හා අනෙකුත් කටයුතු සඳහා ජලය ලබාගන්නේ බවුසර් මගින් ලබාදෙන සුළු ජල ප්‍රමාණයෙන් බවද එම සංවිධානයේ කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කළේය.
ජනතාවට සහන සැලසීමට බව පවසමින් කමිටු පත්කර පවුල් 10,000 ක් ගොනාට ඇන්දුව ආණ්ඩුව ළිං 200 ක් ජලයෙන් පිරී තිබෙන බවට ප්‍රකාශ කරමින් ජනතාව ගොනාට අන්දන බව පවසා සිටියේය.