උමාඔය සහන කමිටුව විසින් මේ වනවිට නිකුත් කර තිබෙන වාර්තාවට අනුව උමාඔය ව්‍යාපෘතිය නිසා නිවාස හත්දහස් පන්සිය පනස් පහකට හානි සිදුව ඇතැයි තහවුරු වී තිබෙන බව උමාඔය බහුකාර්ය ව්‍යාපෘතියට එරෙහි ජනතා එකමුතුව සඳහන් කරයි.
වහා භූමි අක්කර 10,302කට හානි සිදුව තිබෙන බවත්, පවුල් 7633කට ජල පහසුකම් නොමැති බවට එම වාර්තා සඳහන් කර තිබෙන බවත් එම සංගමයේ කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කළේය.
2008 මාසයේ අප්‍රේල් 29 වැනිදා උමාඔය විනාශකාරී ව්‍යාපෘතියට මුල්ගල් තැබූ බවත්, එදා පටන් එම සුන්දර ප්‍ර‘දේශය අසුන්දර ප්‍ර‘දේශයක් බවට පත් වෙමින් තිබෙන බවත් ඔහු පවසා සිටියේය.
නිකුත් වී තිබෙන කමිටු වාර්තාවට අනුව ප්‍ර‘දේශයේ ළිං ඇතුළු ජල මූලාශ්‍ර 3412ක් සිඳී ගොස් තිබෙන බවත්, දෛනිකව ජල බවුසර් 76කින් ජලය ලීටර් 587,000කට අධික ප්‍රමාණයක් බෙදාහරින බවත් ඒ මහතා සඳහන් කළේය.
අසරණ වී සිටින ජනතාවට සහන ලබාදීම සඳහා මෑත කාලයේදී පාගමන්, උද්ඝෝෂණ, උපවාස ඇතුළු ක්‍රියාමාර්ග 33ක් ගෙන ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.
ජනතාව වැටී සිටින තත්ත්වයෙන් ගොඩගැනීම සඳහා 34 වැනි ක්‍රියාමාර්ගය ලෙස බණ්ඩාරවෙල නගර සභාවට හා ප්‍රා‘දේශීය සභාවට ස්වාධීන කණ්ඩායම් දෙකක් ඉදිරිපත් කර තිබෙන බවද සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කළේය.
සිදුවෙමින් තිබෙන විනාශය පිළිබඳ තම සංවිධානය මුළු රටම දැනුවත් කළද, පාලකයන් ඒවා පිළිගැනීමට කටයුතු නොකළ බවද ඔහු පවසා සිටියේය.
එහෙත් ආණ්ඩුවෙන් නිකුත් කර තිබෙන උමාඔය සහන කමිටු ලේකම් කාර්යාල වාර්තාවට අනුව මෙතෙක් තම සංවිධානය රටට හෙළි කළ කරුණු තහවුරු වී තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.
මේ නිසා විපතට පත් ජනතාවට සහන ලබාදීමට හා අසුන්දරවූ බණ්ඩාරවෙල නැවත සුන්දර කිරීමට අරගල ගණනාවක්තිබෙන බවත්, එම අරගලවලට අනුව පළාත් පාලන ආයතන දෙසඳහාඉදිරිපත් කර සිටින ස්වාධීන කණ්ඩායම් 02 දිනවීමට කටයුතු කළයුතු බවත් ඒ මහතා කියා සිටියේය.
ස්වාධීන කණ්ඩායම් දෙකේ ඡන්ද සලකුණ ජල කරාමය බවද සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කළේය.
ජනතාවිමුක්ති පෙරමුණේ නියෝජිතයෙකු ලෙස තමන් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට පත් වූ බවත්, එම පරාජය තමන්ට ප්‍රශ්නයක් නොවූ බවත් විද්‍යාරත්න මහතා පවසා සිටියේය.
ජනතාව තමා පාර්ලිමේන්තුවට යැවීමට කටයුතු නොකළද තමන් ජනතාව වෙනුවෙන් සේවය කරන බවද ඔහු සඳහන් කළේය.
එහෙත් ස්වාධීන කණ්ඩායම් දෙක ජයග්‍රහණය කරවා උමාඔයෙන් විපතටපත් ජනතාව වෙනුවෙන් සිදුකරන සටන ශක්තිමත් කළයුතු බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.