උමා ඔය බහුවිනාශකාරී ව්‍යාපෘතිය නිසා විපතට පත්වන ජනතාව වෙනුවෙන් මහා සංඝරත්නය පෙළගස්වන බව ජාතික භික්ෂු පෙරමුණ සඳහන් කරයි.
මෙම විනාශකාරී ව්‍යාපෘතිය නිසා ජනතාවට බීමට ඇති දිය පොදෙහි සිට සියලු දේවල් අහිමි වී ගොස් තිබෙන බවත්, එහෙත් පාලකයන් නෑසූ කන්ව කටයුතු කරන බවත් එම සංගමයේ ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියෝ අවධාරණය කළහ.
මේ නිසා මෙම ජනතාව වෙනුවෙන් හෙට (09දා) සිට මහා සංඝරත්නයද විවිධ ක්‍රියාමාර්ග දියත් කරන බවත්, එහි පළමු ක්‍රියාමාර්ගය බණ්ඩාරවෙල පුෂ්පාරාම විහාරස්ථානයේදී සිදුකරන බවත් උන්වහන්සේ පවසා සිටියේය.
එහිදී ජනතාව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ විමසා භික්ෂූන් වහන්සේලාට ගත හැකි ක්‍රියාමාර්ග තීරණය කරන බවද ඒ හිමියෝ අවධාරණය කළහ.