උමා ඔය ව්‍යාපෘතියෙන් අසරණ තත්ත්වයට පත් පවුල් 10,000කට මේ මස 10 වැනි දින මධ්‍යම රාත්‍රී 12.00 ට පෙර පොරොන්දු වූ ප්රතිලාභ ලබාදීමට කටයුතු නොකළ හොත් 11 වැනි දින පාලකයන්ට දැනෙන ක්‍රියාමාර්ග ගන්නා බව උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියෙන් විපතට පත් ජනතා එකමුතුව සඳහන් කරයි.
උමා ඔය භූගත ඇළ මාර්ගයේ විවර දෙක සහ ව්‍යාපෘති කාර්යාල දෙක, දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලය වට කර මෙම උද්ඝෝෂණ දියත් කරන බවද එම සංගමයේ කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කළේය.
මෙම ව්‍යාපෘතිය හේතුවෙන් අවතැන් පවුල් දස දහසකට අධික පිරිසකට අවශ්‍ය ජල හා නිවාස පහසුකම්, වගා වන්දි, නිවාස කුලී, නව ඉඩම් ලබා දෙන බවට රජය පොරොන්දු පිට පොරොන්දු ලබාදුන්නත් ඒ සියල්ලටම මේ වනවිට කඩ කර දමා තිබෙන බවද ඔහු කියා සිටියේය.
ජලය ලබාදීමත් සිදු කළත් දින 10කට 15කට වරක් එක් පවුලකට ලබාදෙන්නේ ජලය ලීටර් 500ක් පමණක් බවත් නිවාස කුලී ලබාදිය යුතු පිරිස්වලට එය නිසි ලෙස ලබානොදෙන බවද විද්‍යාරත්න මහතා සඳහන් කළේය.