අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රා‘යෝගික පරීක්ෂණ කටයුතු මේ මස 18 වැනිදා සිට ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අපේක්ෂකයන් 51,773 ක් විෂයයන් 11 ක් සඳහා ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිටීමට නියමිතය. පරීක්ෂණ මණ්ඩල 401 ක් යටතේඅදාළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙයි.
ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන විෂයයන්වලට අනුව මේ මස 18 වැනිදා සිට 28 වැනිදා දක්වා සෞන්දර්ය විෂයයන් හා ගෘහ ආර්ථික විද්‍යාවට අදාළ පරීක්ෂණ පැවැත්වෙන අතර, මේ මස 21 වැනිදා සිට 29 වැනිදා දක්වා කාලය තුළදී ඉංජිනේරු තාක්ෂණවේදය විෂයයට අදාළවත්, නොවැම්බර් 05 වැනිදා සිට 07 වැනිදා දක්වා ජෛව පද්ධති තාක්ෂණවේදය සඳහාත් ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වේ.
ප්‍රායෝගික පරීක්ෂණ සම්බන්ධයෙන් ගැටලුවක් පවතී නම් ඒ පිළිබඳ 1911, 0112784208, 0112784537, 0113188350, 0113140314 යන දුරකථන අංකවලින් විමසීම් කළ හැකිය.