උපාධිධාරීන්ගේ රැකියා අයිතිය ලබාදෙන ලෙස ඉල්ලා මේ මස 17 වන දින සිට පළාත් මට්ටමෙන් පෙත්සමක් අත්සන් කිරීමේ අරගලයක නිරතවන බව රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය පවසයි.
රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු ධමිමික මුණසිංහ හා ගුරු විභාගය සමතුංගේ සංවිධානයේ සමාජික දිනේෂ් මාපටුන යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් අද (12දා) සී.එස්.ආර්.ශාලාවේදී පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පවසා සිටියහ.