රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් උපාධිය ලබාගත් 2660 දෙනෙකුට හෙට (12දා) රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ පත්වීම් ලබාදීම සිදු කෙරේ.
උපාධිය ලබාගත් පිරිසට අභ්‍යාසලාභී පත්වීම් ලබාදීමේදී රාජ්‍ය සේවයට ඇතුළත්වීමට නොහැකිවූ උපාධිධාරීන්ට සහ 2012 වසරේ මාර්තු 31 වැනි දිනෙන් පසුව උපාධිය ලබාගත් උපාධිධාරීන් පිරිසක් රාජ්‍ය සේවයට ඇතුළත් කරගැනීමට මෙම පත්වීම් ලබාදීම සිදු කෙරේ.
අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්වීම් පිරිනැමීමට නියමිතය.
ඉන්දික හේවාවිතාරණ/ පවිත්‍රා මුතුමාලි