(UPDATE) උප්පුවේලි ප්රදේශයේ ඊයේ (12දා) සවස සිට අතුරුදන්ව සිටි ළමුන් දෙදෙනා මඩකලපුව බලා යන දුම්රියක සිටියදී සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.
උප්පුවේලි ප්රදේශයේ අවුරුදු 11ක් හා 9 ක් වයසැති ළමුන් දෙදෙනෙකු අතුරදන් වී ඇති බව පොලීසිය පවසයි. මෙසේ අතුරුදන් වූ ළමුන් සෙවීම සඳහා පොලිස් කණ්ඩායම් පහක් විමර්ශන කරයි.
ඊයේ සවස පෞද්ගලික උපකාරක පංතියකට සහභාගිවීම සඳහා නිවසින් පිටත්ව ගොස් ඇති මෙම ළමුන් දෙදෙනා නිවසට නොපැමිණ තිබේ. ඒ සම්බන්ධයෙන් දෙමාපියන් පොලීිසියට කළ පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කර ඇත.