උප ඇමති පෙරටුගාමීන්ට වරද පටවයි
සබරගමු සරසවියේ උද්ඝෝෂණ පිටිපස සිටින්නේ පෙරටුගාමී පක්ෂය බව උසස් අධ්‍යාපන නියෝජ්‍ය ආමාත්‍ය නන්දිමිත්ර ඒකනායක මහතා පැවැසීය. මාතලේදී මාධ්‍ය හමුවක් පවත්වමන් හෙතෙම මෙම අදහස් දැක්වීය.
එසේම මෙි පිළිබඳව පරීක්ෂණ කරන වැරදිකරුවන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් හෙතෙම පැවසීය.
"මේ විශ්වවිද්‍යාලයෙ නේවාසිකාගාරයට රුපියල් කෝටි 40ක මුදලක් වැය කරලා හැදුවේ.මේවාට විරුද්ධව කතා කරන්න කිසි නෙකුට අයිතියක් නැහැ. කිසිම පදනමක් නැතිව තමයි මේ දේවල් කරන්නේ. ගැටලු තියනවානම් සකාච්ඡා මගින් ප්‍රශ්න විසඳුම් සෙවිය යුතුයි. සිසුන් කියන්නේ මේවායෙහි නිමාව හා ආරක්ෂාව මදි කියලා.
නමුත් ඒ දේ පිළිබඳව අපි අධ්‍යනය කර තමා ඉදිකිරීම් සිදු කළේ.දේශපාලන කල්ලිවලව ඇතැම් සිසුන් බළල් අත් බවට පත්වෙලා. මේ තත්ත්වය ඉතා කනගාටුදායකයි.ශි ෂ්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරනවා කීවට ඒ සටන්වලින් දේශපාලන අරමුණු ඉටුවූවාට සිසුන්ට සෙතක් වෙන්නේ නැහැ." යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.
රත්තොට රුවන් ධනන්ජය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

