විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අද පෙරවරුවේ තිබූ භිතිකාව නොමැති බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවැසීය. විශ්වාසභංග යෝජනා විවාදයට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
"උදේ තිබූ භීතිකාව අපිට නෑ. අපිට ලොකු අභියෝගයක් නෑ. අත්සන් කරපු පිරිසත් නෑ. බාරදුන්න නායකයොත් නෑ. විශ්වාසභංගයට සහාය දෙන අයට ආණ්ඩුවේ ඉන්න පුළුවන්ද කියලා මතක් කළ යුතුයි. මේ චෝදනා විහිලු සහගතයි. මහ බංකු අධිපති පත්කිරීමේ ගැටලුවක් ඇති. නායකයන් අතින් එවැනි වැරදි වෙනවා. අර්ජුන් මහේන්ද්‍රන්ට මහ බැංකු අධිපති ලෙස පත්වෙන්න හැම සුදුසුකමක්ම තිබුණා"