අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී උතුරු පළාත හැර දිවයිනේ සෙසු පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත්, උදය කාලයේදී ප්‍රධාන වශයෙන් දිවයින පුරා වැසි නොමැති කාලගුණ තත්ත්වයක් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට, එම ප්‍රදේශවල තාවකාලිකව තරමක තද සුළං ද ඇති විය හැකි අතර,
අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.