ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදි අක්‍රමිකතාවක් සිදුකිරීමේ පරීක්ෂණවලට පෙනී නොසිටීම හේතුවෙන් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාට ජාත්‍යන්තර පොලීසීය (ඉන්ටර්පෝල්) මගින් රතු නිවේදනයක් නිකුත් කර ඇතැයි පොලීසිය පවසයි. උදයංග වීරතුංග මහතාට මුලින්ම නිල් නිවේදයක්ද පසුව රතු නිවේදනයක්ද නිකුත් කර තිබේ.