රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ජාත්‍යන්තර පොලීසිය මාර්ගයෙන් අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද(20දා) වරෙන්තුවක් නිකුත් කළේය.
පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදුකළ ඉල්ලීමක් සළකා බැලූ අධිකරණය මෙම නියෝගය ලබාදුන් අතර මිග් යානා ගනුදෙනුවට අදාළ නඩුවේ සැකකරුවෙකු ලෙස වීරතුංග මහතා නම්කර තිබේ.
මීට පෙර ද උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කරන ලෙස පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණු අතර එම අවස්ථාවේ වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කළේය.