රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය (ඉන්ටර්පෝල්) හරහා වරෙන්තුවක් නිකුත් කරන ලෙස පොලිස් මූල්‍ය අපරාධ ඒකකය කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියගෙන් ඉල්ලා සිටියේය.
පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී සිදු වූ බව කියන වංචාවක් පිළිබඳව අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා ඔහුට මෙසේ ඉන්ටර්පෝල් වරෙන්තුවක් මූල්‍ය අපරාධ ඒකකය විසින් ඉල්ලා සිටියේ.
ඒ සම්බන්ධයෙන් වෙන නියෝගය ලබන 18 දා ප්‍රකාශයට පත්ක කරන බව මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නාය.