යාපනයේදී කළු කොඩි ඔසවා විරෝධය පළ කළ උතුරු පළාත් සභා මන්ත්‍රී කේ. සිවාජිලිංගම් මහතා ඇතුළු පිරිස ඊයේ (19දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වූ බව ජනපති කාර්යාලය සඳහන් කරයි.
සිවාජිලිංගම් මහතා ඇතුළු මෙහිදී සිය ඉල්ලීම් ජනාධිපති වෙත ඉදිරිපත් කළ බවද ජනපති කාර්යාලය පවසයි.
යුද සමයේ සිදුවීම් හේතුවෙන් දැනට සිරදඩුවම් ලබා සිටින දමිළ සිරකරුවන් සහ චෝදනාවට ලක්ව බන්ධනාගාර ගත කර, දැනට නඩු කටයුතු සිදුකරමින් සිටින පිරිස් වෙත සහනයක් ලබාදෙන ලෙස ඔවුන් ජනාධිපතිගෙන් ඉල්ලා ඇත.
අමාත්‍ය සාගල රත්නායක, රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න, නීතිපති ජයන්ත ජයසූරිය යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.