උතුරේ අවතැන් ජනතාවට ඉඩම් ලබාදීමේදී කිසිදු හමුදා කඳවුරක් ඉවත් නොකරන බවත් කඳවුරු හා භූමි තිබෙන ඉඩම්වලට වන්දි මුදල් ලබාදීමට කටයුතු කරන බව පුනුරුත්ථාපන හා යළි පදිංචි කරවීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ඒ.එල්.එම්.හිස්බුල්ලා මහතා සඳහන් කළේය.
මීට අමතරව වනජීවී සංරක්ෂණ හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කිසිදු ඉඩමක් නැවත පදිංචි කිරීම සඳහා ලබානොගන්නා බවත්, ඉඩම් ලබාදීමේදී සිංහල, දෙමළ, මුස්ලිම් යන කණ්ඩායම් තුනටම සාධාරණ වන ලෙසට පාරම්පරික ඉඩම් ලබාදෙන බවද පවසා සිටියේය.
නැවත පදිංචි කිරීම සඳහා උතුරු ප්‍ර‘දේශයේ ඉඩම් ලබාගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කමිටුවක්ද පත් කර තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.