උතුරේ පිහිටි සියලුම දූපත් සඳහා ඉදිරි මාස තුන ඇතුළත විදුලිය ලබාදෙන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පැවසීය.
මේ සම්බන්ධයෙන් වහාම කටයුතු කරන ලෙස අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති අතර, එම කටයුතු මෙහෙයවීමට නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතාට පවරා තිබේ.
ඒ අනුව කයිට්ස්, ඩෙල්ෆ්, නාගදීප ඇතුළු උතුරේ පිහිටි සියලුම දුපත් සඳහා විදුලිය ලබාදීමට නියමිතය.
උතුරු පළාතට විදුලිය ලබාගැනීම සඳහා සූර්යකෝෂ ලබාදීම ස්ථිරසාර විසඳුමක් නොවන බවත් මේසම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වී සැලසුමක් සකස් කරන මෙන් විදුලි බල මණ්ඩලයේ උතුරු පළාත භාර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ප්‍රියන්ත ගුණතිලක මහතාට උපදෙස් ලබාදී තිබේ.