උතුරු මහඇමති සී.වී.විග්නේස්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුද්ධයෙන් මියගිය ඥාතීන් සැමරීමේ සැමරුම් උත්සවයක් මෙම මස 18 වැනිදා මුලතිව් වෙල්ලමුල්ලි වයිකකාල්හි පැවැත්වීමට සැලසුම් කර ඇති බව දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මහතා පැවසීය.
යාපනය මාධ්‍ය සමාජ ගොඩනැගිල්ලේදී (11දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
|
මේ මස 12 වනදා සිට 18 වනදා දක්වා උතුරු පළාත තුළ යුද්ධයෙන් මිය ගිය අය වෙනුවෙන් ශෝක සතියක් ප්‍රකාශ කර ඇති ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.
|
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සිවාජිලිංගම් මන්ත්‍රීවරයා කියා සිටියේ, මේ මස 12 වනදා සිට 18 වනදා දක්වා උතුරු පළාත තුළ යුද්ධයෙන් මිය ගිය අය වෙනුවෙන් ශෝක සතියක් ප්‍රකාශ කොට ඇති බවයි.
එමෙන්ම 18 වනදා වෙල්ලමුල්ලි වයික්කාල්හි සිදුකරන යුද සැමරුමට කිසිවෙකුගෙන්වත් අවසරයක් හෝ අනුමැතියක් ලබාගැනීමට අනවශ්‍ය බවත් යුද්ධයෙන් මියගිය වැසියන් සැමරීම ජනතාවගේ අයිතියක් බවද සිවාජිලිංගම් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.