යළිත් වරක් උතුරේ කලබලකාරී තත්ත්වයක් ඇති වෙතැයි දකුණේ ජනතාව බියක් ඇති කර ගත යුතු නැති බව විපක්ෂ නායක ආර් සම්බන්ධන් පවසන බව බී.බී.සී.ය කියයි.
එවැනි කලබලකාරී තත්වයක් ඇති වෙතැයි බියෙන් දකුණේ ජනතාව උතුරු පළාතට පැමිණීමෙන් වැළකී සිටින තත්ත්වයක් දැකිය හැකි බවත්, එය එසේ නොවිය යුතු බවත් හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.
එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සාමාජිකයින්ගෙන් සැදුම්ලත් දෙමළ ජනතා විමුක්ති පෙරමුණ නැමති දෙමළ දේශපාලන පක්ෂයේ නායක නඩේෂපිල්ලේ විද්‍යාදරන් විසින් ආරම්භ කරන ලද 'කාලෙයි කදිර්' නැමති පුවත්පත එළිදැක්වීම වෙනුවෙන් යාපනයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් ඔහු මෙම අදහස් දැක්වීම සිදුකර තිබේ.
දෙමළ ජාතික සන්ධානය රට දෙකඩ කිරීමට උත්සාහ දරණ පක්ෂයක් නොවන බැවින් කවරෙකුත් සිය පක්ෂය සම්බන්ධයෙන් බියක් ඇති කරගත යුතු නැති බවත් විපක්ෂ නායක ආර් සම්බන්ධන් වැඩිදුරටත් සඳහන් කළ බවද බී.බී.සී.ය පවසයි.