උතුරේ මැති ඇමතිවරු විරෝධතාවක
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් උතුරු පළාත් සභා රැස්වීම අතරතුර පළාත් මැති ඇමැතිවරුන් සියලු දෙනා සභා ශාලාව තුළ අද (24දා) උද්ඝෝෂණය කිරීම හේතුවෙන් විනාඩි 05කට ආසන්න කාලයක් සභාවේ කටයුතු නැවත්වීමට සිදුවිය.
දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, හමුදාව භාරයේ තිබෙන ඉඩම් නිදහස් කිරීම, අතුරුදහන්වූවන් සොයදෙන ලෙසත් රජයට බල කරමින් මෙම උද්ඝෝෂණය සිදුකර ඇති අතර, මීට උතුරු පළාත් සභාවේ සියලු මැති ඇමැතිවරුන්ගේ සහයෝගයද හිමිවීම විශේෂත්වයකි.
අදාළ උද්ඝෝෂණය සම්බන්ධයෙන් උතුරු පළාත් සභාවේ මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් මෙහිදී කියා සිටියේ, මේ ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමට පියවර ගන්නා බවත්, මේ පිළිබඳ ජනාධිපතිවරයාගේ ස්ථාවරය උතුරු පළාත් ආණ්ඩුකාරවරයා හරහා කඩිනමින් දැනගැනීමට කටයුතු කරන බවත්ය.
පළාත් මහ ඇමැතිවරයාගේ ප්රකාශයත් සමග සභාවේ කටයුතු යථාතත්ත්වයට පත්වූ අතර උතුරු පළාත් සභා මන්ත්රී එම්.කේ. ස්වාජිලිංගම් මෙහිදී කියා සිටියේ, වර්තමාන රජය බලයට පත්වීමට පෙර ලබාදුන් පොරොන්දු ඉටුනොවීම කනගාටුවට කරුණක් බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

