ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරු මෙම මස (21දා) වවුනියාවට පැමිණීමට නියමිතය.
ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් සංවිධානය කරන ජනපති ජනතා නිලමෙහෙවර වැඩසටහනට සහභාගීවීමට ජනපතිවරයා හා අගමැතිවරයා මෙසේ වවුනියාවට පැමිණීමට නියමිතව ඇත.
වවුනියාව ශෛවප්රකාශා මහා විද්‍යාලයේදී එදින පැවැත්වෙන මෙම වැඩසටනේදී උතුරේ නැවත පදිංචි වූ සහ සියලු ජනතාවගේ මෙතෙක් නොවිසිඳුණු ගැටලු විසඳීමට කටයුතු යොදා තිබේ.
එම වැඩසටහනට අමතරව නැවත පදිංචි වූවන් වෙනුවෙන් ස්ථිර ඉඩම් ඔප්පු 3000ක් ප්රදානය කිරීම හා පවුල් 1432ක ස්වයං රැකියා උපකරණද ලබා දීමට මෙහිදී කටයුතු යොදා ඇති බව වවුනියාව දිස්ත්‍රික් ලේකම් එම්.බී.ආර්.පුෂ්පකුමාර මහතා පවසා සිටියේය.