කිලිනොච්චි දිස්ත්‍රික්කය ඇතුළු උතුරු පළාත තුළ පිහිටි යුද හමුදා කඳවුරු හා යුද සමයේදී අහිමි වූ සිවිල් වැසියන්ගේ ඉඩම් නිදහස් කොට එම ඉඩම් මුල් පදිංචිකරුවන් වෙත ලබාදීමට රජය කටයුතු කළ යුතු බව සඳහන් කරමින් දෙමළ ජාතික සන්ධානය අද (28 දා) කිලිනොච්චි නගර මධ්‍යයේ විරෝධතාවක නිරතවිය.