උතුරේ ආරක්ෂාව සහතික කර ඇතිබවත් එය වගකීමෙන් ප්‍රකාශ කළ හැකි බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවැසීය. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව අද (07දා) ප්‍රකාශ කළේය.
ආරක්ෂක අංශ සතු උතුරේ ඉඩම් නැවතත් සිවිල් ජනතාව වෙනුවෙන් බාරදීමේදී කිසිවිටකත් එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ට හා අන්තවාදීන්ට ලබානොදෙන බවද ඔහු පැවැසීය.
එසේම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ දුරකතන ආණ්ඩුව විසින් ටැප් කර ඇතිද යන්න පිළිබඳව මාධ්‍ය වේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා පැවැසුවේ එවැනි කිසිවක් සිදුකර නොමැති බවයි. පසුගිය ආණ්ඩුව එවැනි දෑ කළ බවද පැවැසීය.
එසේම ත්‍රිවිධ හමුදා සේවයේ විශ්‍රාම යන රණවිරුවන් වෙනුවෙන් රජයේ හා පෞද්ගලික අංශයේ රැකියා ලබාදිම වෙනුවෙන් වැඩසටහනක් ක්‍රියාත්කමක බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවැසීය.
ඒ අනුව විශ්‍රාම ගොස් සිටින රණවිරුවන් සඳහා තාක්ෂණ නිලධාරීන් තනතුරු 50ක් ජනපතිවරයාගේ මූලිකත්වයෙන් පිරිනමන බවද අමාත්‍යවරයා පැවැසීය.එසේම විශ්‍රාමික රණවිරුවන් වෙනුවෙන් දේශීය මෙන්ම විදේශීය රැකියා ලබාදීමට අවශය කටයුතු කරන බවත් රණවිරුවන් 800ක් වෙනුවෙන ඉදිරියේදී නිවාස පිරිනමන බවත් මෙම මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.