උතුරු ප්‍රදේශයේ අධි ආරක්ෂිත කලාප ලෙස යුද හමුදාව යටතේ තිබූ ඉඩම් අක්කර දහසක ප්‍රමාණයක් නැවත එහි මුල් පදංචිකරුවන්ට ලබාදීමේ වැඩපිළිවෙලේ මුල් පියවර ලෙස ඉඩම් අක්කර 425 ක් නිදහස් කිරීමේ උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23දා) පෙරවරුවේ යාපනයේදී පැවැත්විණි.
ජනාධිපතිතුමා අතින් මෙහිදී සංකේතාත්මකව ඉඩම් හිමිකම් බලපත්‍ර ප්රදානය කිරීම සිදු විය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, අමාත්‍යවරුන් වන එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන, පී.එම්. ස්වාමිනාදන්, නියෝජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්, උතුරු පළාත් ආණ්ඩුකාර, එච්.එම්.ජී.එස්. පලිහක්කාර, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.