උතුරේ ජලාශ බොහොමයක් වාන් දැමීම හේතුවෙන් උතුරු පළාතේ ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී ඇති බවත්, යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික්කවලට වැඩි වශයෙන් බලපෑම් එල්ල වී ඇති බවත් යුද හමුදාව සඳහන් කරයි.
මේ වනවිට උතුරේ පවුල් 38,018 ක පුද්ගලයන් 107,262 ක් පීඩාවට පත්ව සිටින බවත්, ඉන් 76,637ක් යාපනය දිස්ත්‍රික්කයේ පුද්ගලයන් බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.