ඉන්දීය ධීවරයින්ට ට්‍රෝලර් යාත්‍රා උපයෝගී කරගෙන උතුරු මුහුදු සීමාව තුළ මසුන් මැරීමට කවර අන්දමක හෝ අවසරයක් ලබා දීමට රජය සූදානම් නැතැයි ධීවර අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඉන්දීය රජය හා ඉන්දීය ධීවර සමිති කිහිපයක් විසින් වසරකට දින හැත්තෑපහක කාලයක් උතුරු මුහුදු සීමාවේ මසුන් මැරීමට අවසර ලබාදෙන මෙන් ශ්‍රී ලංකා රජයෙන් කර ඇති ඉල්ලීමට යම් අනුකූලතාවක් දැක්වීමට රජය සූදානම් වන්නේ යැයි කියමින් උතුරේ ධීවර සමිති විසින් ගෙන යන උද්ඝෝෂණ ව්‍යාපාරය පිළිබඳව අදහස් දක්වමින් හෙතෙම මේබව කීය.
ඉන්දීය රජය විසින් දින හැත්තෑපහක කාලයකට උතුරු මුහුදේ මසුන් මැරීමට ඉන්දීය ධීවරයින්ට අවසර ලබාදෙන මෙන් ඉල්ලීමක් කොට ඇති බව සත්‍ය නමුත් එවැනි අවසරයක් ලබාදීමට රජය කිසි විටකත් සූදානම් නැතැයිද කියා සිටියේය.