උතුරු මැද පළාතේ පවතින අධික උෂ්ණත්වය නිසා පළාත් පාසල් දහවල් 12.30 ට අවසන් කිරීමට තීරණයක් ගත්තද එම නීතිය පළාත තුළ තිබෙන ජාතික පාසල්වලට අදාළ කරගෙන නැතැයිද ලංකා ගුරු සේවා සංගමය සඳහන් කරයි.
උෂ්ණත්වය ඉහළ යනවිට එය පොදුවේ සියලුම දරුවන්ට බලපාන බවත්, ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකර බලධාරීන් දැඩි උෂ්ණත්ව ප්රශ්නයට කැකිල්ලේ තීන්දුවක් ලබාදී තිබෙන බවද එම සංගමයේ ප්රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේය.